අතුරුදන් වූ ඉන්දීය ගුවන් යානය ගැන තාමත් තොරතුරක් නැහැ

Sunday, 24 July 2016 - 13:24

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
දකුණු ඉන්දියාවේ චෙන්නායි ඉහළ අහසේදී පසුගිය සිකුරාදා රේඩාර් තීරයෙන් අතුරුදන් වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් A-N 32 ප්‍රවාහන ගුවන් යානය පිළිබද මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා.

යානය අතුරුදන් වූයේ පුද්ගලයන් 29 දෙනෙකු සමගයි.

චෙන්නායි අසල තම්බරම් ගුවන් කදවුරෙන් නික්මුණු ගුවන් යානය බෙංගාල බොක්කට කඩා වැටී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

මේ වනවිට ඉන්දීය නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ යාත්‍රා 17 ක් සහ සබ්මැරීනයක් ද අතුරුදන් වූ ගුවන් යානය සෙවීමේ මෙහෙයුම්වලට එක්ව සිටිනවා.