ජර්මනියේ වෙඩි ප්‍රහාරය වසරක් තිස්සේ සැලසුම් කරලා

Monday, 25 July 2016 - 7:31

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
ජර්මනියේ මියුනිච් නුවර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ මිතුරෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

16 වියැති මොහු ඇෆ්ගනිස්ථාන ජාතිකයෙක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

දැනට සිදුකළ පරීක්ෂණ අනුව මියුනිච් වෙඩි තැබීම සිදුකළ 18 හැවිරිදි ඉරාන - ජර්මානු සම්භවයක් සහිත ඩේවිඩ් අලි වසරක කාලයක සිට අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සැළසුම් සිදුකර තිබෙන බවයි අනාවරණ වී ඇත්තේ.

එම සිද්ධිය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස සැළකිය නොහැකි බවද ජර්මන් රජය ප්‍රකාශ කර තිබෙනවා.  

මියුනිච් ප්‍රහාරයෙන් 9 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලැබුවා.