මීගමුව නගරය මැද ගබඩාවක තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 800ක් සොයා ගනී

Monday, 25 July 2016 - 7:07

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93++%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+800%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 800කට අධික ප්‍රමාණයක් මීගමුව නගරයේ ගබඩාවක තිබී ඊයේ සොයා ගත්තා.

ඒ, මීගමුව කොට්ඨාශයේ නීතිය බල ගැන්වීමේ ඒකකයට ලද තොරතුරක් මතයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙම ගබඩාවේ හිමිකරුද එම ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ කටාන - ඉඹුල්ගස්වාඩිය ප්‍රදේශයේ, ගිනිකෙළි සඳහා යොදා ගැනෙන පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් හිමිව ඇති බවයි.

එහෙත් එම බලපත්‍රය යොදාගනිමින් මීගමුව ප්‍රදේශයේ ගබඩාවක් පවත්වාගෙන යාමට මෙම පුද්ගලයාට අවසරයක් නොමැති බවයි පොලීසිය පවසන්නේ.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා නොදෙන පොටෑසියම් පර්ක්ලොරේට් නැමති පුපුරණ ද්‍රව්‍ය විශේෂය මෙම ගබඩාවේ තිබීම පිළිබඳවද පරීක්ෂණ අංශවල අවධානය යොමුවී තිබෙනවා.