මොරගහකන්ද මහ වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම අද

Monday, 25 July 2016 - 7:20

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF++%E0%B6%B8%E0%B7%84+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
මෙරට ක්‍රියාත්මක  වන විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය ලෙස සැළකෙන මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මහ වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම අද පෙරවරු 9.30 ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන මෙම කටයුත්ත සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්වනු ඇති.

මහවැලි සංවර්ධන සහ  පරිසර අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 555.7ක්.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එවකට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටි සමයේදී, එනම් 2007 වසරේදී මෙම ව්‍යාපෘතිය සඳහා මුල් ගල තැබුණා.

එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 2012 වසරේදියි. මෙම ව්‍යාපෘතිය මගින් උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල අලුත් ඉඩම් අක්කර ලක්ෂ 3 ක් අස්වැද්දීමට හැකියාව පවතිනවා.

එමෙන්ම මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පරාක්‍රම සමුද්‍රය මෙන් හයගුණයක විශාලත්වයෙන් යුත් ජලාශ දෙකක් ඉදිකර මෙගාවොට් 25 ක ජල විදුලි නිෂ්පාදනයකට ද රජය සැළසුම් කර තිබෙනවා.