ජනපති සහ ඒකාබද්ධ විපක්ෂය අතර සාකච්ඡාව අද

Monday, 25 July 2016 - 7:22

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසි සාකච්ඡාවක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැඳවා තිබෙනවා.

අද රාත්‍රියේ මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් කිහිපදෙනෙකු සඳහන් කළේ සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස දැනුම්දී ඇති බවයි.

ඒ අනුව ඊට සහභාගිවන බවද ඔවුන් ප්‍රකාශ කළා.