මීටියාගොඩදී සහ අරලගංවිලදී තියුණු ආයුධවලින් පහරදී දෙදෙනෙකු ඝාතනය කරයි (ඡායාරූප)

Monday, 25 July 2016 - 9:50

%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ප්‍රදේශ දෙකක සිදුවූ පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

ගාල්ල - මීටියාගොඩ සමනල උයන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ ඊයේ රාත්‍රියේයි.

මියගිය පුද්ගලයා සිය නිවසේ සිටියදී පිටතින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවටයි වාර්තාවන්නේ.

මේ අතර  පොළොන්නරුව - අරලගංවිල - දළුකාන ප්‍රදේශයේදී ද තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මියගිය කාන්තාවගේ බෑණා විසින් මෙම පහරදීම සිදුකර ඇති ඇති බවයි.



ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක