ජර්මනියේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 12 දෙනෙකුට තුවාල

Monday, 25 July 2016 - 10:34

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ජර්මනියේ ඇන්ස්බාක් නගරයේ එළිමහන් රංග පීඨයක් ආසන්නයේ ඊයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකරු සිරියානු සරණාගතයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

සංගීත සංදර්ශනයක් පැවැත්වෙන අතරතුර සිදුවූ මෙම පිපිරීමෙන් 12 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙය මෑතකදී ජර්මනියේ බවේරියා ප්‍රාන්තයේ සිදුවූ තුන්වන පිපිරීමද වනවා.

27 හැවිරිදි සැකකරු ද ඉන් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු සිය බෑගය තුළ බෝම්බය සඟවාගෙන පැමිණ ඇති අතර, එම පුද්ගලයා සංගීත සංදර්ශනය නැරඹීම සඳහා රංග පීඨයට ඇතුලූවීමට උත්සාහ කර ඇති නමුත් එහි සිටි ආරක්ෂකයන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ සමඟම ඔහු බෝම්බය පුපුරුවා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බෝම්බය පුපුරුවා හැරි මෙම සිරියානු සරණාගතයා ජර්මනියේ රැකවරණය අපේක්ෂාවෙන් අයදුම්පතක් යොමුකර තිබූ අතර එය ප්‍රතික්ෂේප වී තිබුණා.