රිය අනතුරකින් දෙදෙනෙකු මරුට තුන්දෙනෙකුට තුවාල

Monday, 25 July 2016 - 11:29

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
වරකාපොල - අල්ගම - නිට්ටඹුව මාර්ගයේ කරවිට ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ලොරි රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබුවේ මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් වන අතර ඉන්  එක් අයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වුණා.

අනෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වූ අතර, ඉතිරි තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.