විශ්‍රාමික අබාධිත සෙබළුන් මහ පාරේ

Monday, 25 July 2016 - 12:35

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A
තමන්ට හිමි විශ්‍රාම වැටුප් නොලැබෙන බවට චෝදනා කරමින් ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුව දුම්රියපොල ඉදිරිපිට අද උදෑසන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා.

විරෝධතාකරුවන් එම ස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පාගමනින් පැමිණියේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සංදේශයක් භාරදීම සදහායි.

ඊට පොලිසිය මැදිහත්වීමත් සමග විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි ලෝටස් මාර්ගයේ බිම හිඳ ගනිමින් විරෝධතාවයේ නිරත වන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ හේතුවෙන් ලෝටස් වටරවුම අසලින් ගාලුමුවදොර දෙසට දිවෙන මාර්ගය  තාවකාලිකව වසා තිබෙනවා.