සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිට ඇප

Monday, 25 July 2016 - 12:54

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
සංවර්ධන ලොතරැයි මණ්ඩලයට රුපියල් මිලියන 23 ක අලාභයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ එහි හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළා.

2010 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් අතර කාලය තුළ පෞද්ගලික සමාගම් කිහිපයකට වාසිවන ලෙස ලොතරැයි වර්ග කිහිපයක ප්‍රචාරක කටයුතු ලබාදී රුපියල් මිලියන 23 ක අලාභයක් සිදුකළ බවට අල්ලස් කොමිසම මොහුට විරුද්ධව නඩු පවරා තිබුණා.  

එම නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ සැකකරු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

එමෙන්ම මොහුට විදෙස් ගමන් තහනමක්ද අධිකරණය පනවනු ලැබුවා. මෙම නඩුව නොවැම්බර් මස 25 යළි කැඳවනු ඇති.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම අද සළකා බැලෙනවා.

තම කොමිසමට අපහාසයක් වන ආකාරයට  මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බව පවසමිනුයි අල්ලස් කොමිසම මෙම පෙත්සම ගොනුකරනු ලැබුවේ.

එම පෙත්සම සළකා බැලූනු අවස්ථාවට සහභාගිවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙන්ම අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.