කොළඹ විරෝධතාව ගැන ඉන්දියාවේ අවධානය

Monday, 25 July 2016 - 13:15

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ඉන්දියාව විසින් සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විරෝධය දක්වමින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට පසුගියදා සිදුකළ විරෝධතාවය පිළිබදව ඉන්දීය රජය කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඒ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකරමින්.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම විරෝධතාවය පවත්වනු ලැබුවේ කාශ්මීරයේ සිදුවන ගැටුම්වලදී ඉන්දීය ආරක්ෂක අංශ  මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කරමින්.

මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට ඉල්ලා ජගත් සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් වෙත අත්සන් 1000 කින් සමන්විත ලිපියක් භාරදීමට විරෝධතාකරුවන් එහිදී කටයුතු කළා.

කෙසේ වෙතත්, කාශ්මීරයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඉන්දීය රජය යොමුකළ ලිපියෙන් දක්වා තිබෙනවා.