පා ගමන පිළිබද ඉදිරියේදී තීරණයක් ගන්නවා - මහින්ද අමරවීර

Monday, 25 July 2016 - 14:35

%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කුමන හෝ පාර්ශවයක් ක්‍රියා කලද ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න බව  එම පක්ෂයේ මහ ලේකම් මහින්ද අමරවීර පවසා තිබෙනවා.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන ව්‍යාපෘති සාකච්ඡාවකදියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පා ගමන් සංවිධාන කිරීමට කිසිදු විටෙක තීරණය කර නොමැති අතර ඒ සම්බන්ධව මධ්‍යම කාරක සභාව ඉදිරියේදී තීරණයක් ගන්න බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ.

පක්ෂ නායකත්වය විසින්  ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ගයන් පිලිබදව සාකච්ඡා කරමින් පවතින බවත් එළබෙන පළාත් සභා මැතිවරණයට සියලු කටයුතු සුදානම් කරමින් පක්ෂයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක වන බව ඔහු තව දුරටත් සදහන් කළා.

මේ අතර  ඉන්දීය ධිවරයන් මුහුදු සිමාව උල්ලංඝනය කළහොත්  අත්අඩංගුවට ගැනීමට කටයුතු කර බව  පැවසු අමාත්‍යවරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින සංවර්ධන ක්‍රම  පිළිබදවද  සාකච්ඡා කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.