ඉන්දීය ධීවරයන් 77කට අද නිදහස

Tuesday, 26 July 2016 - 12:47

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+77%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීම නිසා අත්අඩංගුවට පත්වූ ඉන්දීය ධීවරයන් 77 දෙනෙකු අද නිදහස් කෙරෙනවා.

ඒ සඳහා අවශ්‍ය නීතිමය නියෝග මේ වන විටත් නිකුුත් කර ඇති අතර නිදහස් කිරීමේ ක්‍රියාවලිය දින දෙකකදී සම්පූර්ණ කෙරෙනු ඇති.

මෙයින් ධීවරයින් 49 දෙනෙකු ඌර්කාවන්තුරේ, මන්නාරම සහ පුත්තලම් අධිකරණ මගින් නිදහස් කරනු ලැබුවා.

ඉතිරි ධීවරයන් නිදහස් කිරීමේ නියෝග අද දිනයේ අධිකරණ මගින් ලබාදෙනු ඇතැයි අපේක්ෂිතයි.

ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වූ බවයි එරට මාධ්‍ය ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, එම ධීවරයන් සමඟ අත්අඩංගුවට ගැණුනු ධීවර බෝට්ටු නිදහස් නොකරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය මාස දෙකක කාලය තුළ ඉන්දීය ධීවරයන් 77 දෙනෙකු මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීම නිසා අත්අඩංගුවට ගැනුණා.

දැනට මෙරට භාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව 103ක් බවයි තමිල්නාඩු මහඇමතිනිය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යැවූ අවසන් ලිපියේ දැක්වෙන්නේ.