අම්බලංගොඩ ළිදක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ (ඡායාරූප)

Tuesday, 26 July 2016 - 7:56

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අම්බලංගොඩ, බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ පාළු ළිදක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, පසුගියදා අම්බලන්ගොඩදී දුම්රියේ ගැටී තරුණියක් මියයාමේ සිද්ධිය සහ මෙම අභිරහස් මරණය අතර සම්බන්ධයක් පවතින්නේදැයි පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ බටපොල, කොබෙයිතුඩුව ප්‍රදේශයේම පදිංචි තරුණයෙක් වන අතර ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව පාළු ලිදක තිබී මළ සිරුර හමුව තිබුණා

අප වාර්තාකරු පැවසුවේ, අදාළ තරුණයා දින දෙකක පමණ සිට නිවසින් අතුරුදන්ව සිට ඇති බවයි.

පසුගිය සෙනසුරාදා අම්බලන්ගොඩදී දුම්රියේ ගැටී තරුණියක මියයාම සම්බන්ධයෙන්, ඇය දුම්රියට තල්ලු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

කෙසේවෙතත්, මෙම මරණය සියදිවි හානිකර ගැනීමක්ද එසේ නොමැතිනම් ඝාතනයක්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.



ඡායාරූප - (දීපාල් සිල්වා)