සූර්ය බල ගුවන් යානය ලොව වටා යයි

Tuesday, 26 July 2016 - 8:07

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මුළුමනින්ම සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරන සෝලා ඉම්පල්ස් ගුවන් යානය සිය ලොව වටා චාරිකාව සම්පූර්ණ කරමින් දැන් අබුඩාබි නුවරට පැමිණ තිබෙනවා.

බර්ට්‍රෑන්ඞ් පිකාඞ් නමැති නියමුවා විසින් පදවනු ලැබූ මෙම සූර්ය බල ගුවන් යානය ලොව වටා යන ගමනේ අවසන් අදියර ක්‍රියාත්මක කළේ ඊජිප්තුවේ සිටයි.

අදියර 17කින් ක්‍රියාත්මක වූ සූර්යබල ගුවන් යානයේ ලොව වටා චාරිකාව පසුගිය වසරේ මාර්තු 9 වන දා අබුඩාබි නුවරින් ආරම්භ වූ අතර, එහි මුළු ගමන් මඟ කිලෝමීටර් 35,000 ඉක්මවනවා.

සෝලා ඉම්පල්ස්හි නොනවත්වා ක්‍රියාත්මක වූ දීර්ඝතම අදියර වන්නේ ජපානයේ නගෝයා සිට හවායි දිවයින තෙක් කිලෝමීටර් 8924ක් ගමන් කිරීමයි.

මෝටර් රථයක් තරම් බරකින් යුත් සෝලා ඉම්පල්ස් යානයේ පියාසැරි බෝයිං 747 වර්ගයේ ජෙට් යානාවක් තරම් විශාල වන අතර එය සූර්ය කෝෂ 17,000කින් පණ ගැන්වෙනවා.