ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලබාදීමේ වැඩපිළිවෙල සතියකින්

Tuesday, 26 July 2016 - 8:13

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලබාදීම සඳහා සුදුසු පොදු වැඩපිළිවෙලක් සතියක් ඇතුළත ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්, යුද හමුදාපති සහ නාවික, ගුවන් හා ආරක්ෂක නියෝජිතයන් අතර ඊයේ පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළඹුණු බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට අදාළ ගැටළු පිළිබද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමෙන් පසුවයි එම තීරණයට එළඹී ඇත්තේ.

යුද හමුදා සේවයේ වසර 10ක් සම්පූර්ණ කර නොමැති නිලධාරීන් හා සේවා කාලය වසර 12ක් නොමැති සෙසු නිළයන් මෙන්ම වසර 10ක සේවා කාලයක් නොමැති පොලිස් නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීමේදී මතු වූ ගැටළුවට සකස් කෙරෙන මෙම විසදුම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ සඳහා අදාළ වාර්තාව ලැබීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර එම කැබිනට් පත්‍රිකාව සකස් කරනු ඇති.

ක්‍රියාන්විත රාජකාරියේදී තුවාල ලබා වයස අවුරුදු 55 සම්පූර්ණවීමෙන් පසු මිය යන තෙක්ම රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් දුබලතාවට පත්ව ප්‍රතිලාභ නොලබා විශ්‍රාම ගොස් සිටින හෝ අස්වී සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හිඟ වැටුප් ගෙවීමට ද ආරක්ෂක අමාත්‍යාංශය තීරණයකට එළඹී තිබෙනවා.