මානව හිමිකම් වෙනුවෙන් කැප වෙන්න - කැනඩාව ශ්‍රී ලංකාවට කියයි

Tuesday, 26 July 2016 - 8:28

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇති කැපවීම සපුරාලිය යුතු බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසනවා.

යුද්ධයේ වේදනාව මුළුමනින්ම තුරන් කරලීම සඳහා ඉන් පීඩාවට පත් ජන කොටස් අතර බෙදීම් වළක්වා සංහිදියාව තහවුරු කළ යුතු බවයි ඔහු සදහන් කර ඇත්තේ.

ජිනිවා මානව හිමිකම් කොමිසමේදී සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ලක් රජය දිරිගන්වන බව ඔහු ප්‍රකාශ කළේ මීට වසර 33කට පෙර මෙරට ඇති වූ ජාතිවාදී කෝලාහල පිළිබඳ සිහිපත් කරමින්.

කැනඩාව, ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව වැඩිම පිරිසක් සිටින රාජ්‍යයයි.

කැනඩාව මෙන්ම බ්‍රිතාන්‍යය ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන ලෙස සහ සංහිදියා ක්‍රියාවලිය සපුරාලන ලෙස ඉල්ලා සිටින බව ඉන්දියාවේ හින්දු පුවත්පත සදහන් කළා.

බ්‍රිතාන්‍යය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබද කාර්යාලයේ අර්ධ වාර්ෂික මානව හිමිකම් වාර්තාව උපුටා දක්වමින් පුවත්පත ඒ බව ප්‍රකාශ කර තිබෙනවා.

එමගින් සදහන් කර ඇත්තේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය තවදුරටත් විවිධ හිරිහැර පීඩාවන්ට ලක්වන බවයි.