සෙලින්කෝ වංචාවක සැකකාරියක් වසර 8කට පසු අත්අඩංගුවට

Tuesday, 26 July 2016 - 8:37

%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සෙලින්කෝ සමාගමට අනුබද්ධව පැවති ෆිනෑන්ස් ඇන්ඞ් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මඟ හරිමින් සිටි සැකකාරියක් වසර 8කට පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සමාගමේ අධ්‍යක්ෂවරියක් මෙන්ම මීට අදාළ නඩුවේ 8 වන සැකකාරිය ලෙස නම් කර තිබූ යස්මින් මොහොමඞ් නැමැත්තියයි.

විදේශගතව සිටි මෙම කාන්තාව නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඊයේ කටුනායක ගුවන් තොටුපළේදී රහස් පොලීසිය මෙලෙස අත්අඩංගුවට ගත් අතර පසුව ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම කාන්තාව විදෙස් ගමන් තහනම් කර තිබියදී අබුඩාබි රාජ්‍යයට ගොස් ඇති බවයි.

ඒ අනුව ඇගේ ගමන් බලපත්‍රය තහනම් කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හරින ලෙසයි නියෝග කළේ.