සාදයක් අතරතුර නිවසක් ගිනිගෙන 38ක් මියගිය හැටි

Tuesday, 26 July 2016 - 9:30

%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+38%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
මැඩගස්කර් දිවයිනේ නිවසක සාදයක් අතරතුර ඇති වූ ගින්නකින් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තුන් මහල් ගොඩනැගිල්ලක සෙනසුරාදා මෙම ගින්න හටගෙන ඇති අතර මිය ගිය අය අතුරෙන් 16 දෙනෙකුම ළමයින් බව සදහන්.

මධ්‍යම මැඩගස්කරයේ ඉකලමවොනි නගරයේ නිවසක මෙම ගින්න හටගෙන ඇති අතර, නිවසේ සිටි පුද්ගලයන්ට පිටවීමට පැවති එකම දොර විවෘත කර ගැනීමට නොහැකි වීම ජීවිත හානි සංඛ්‍යාව ඉහළ යාමට හේතුවක්.

කෙසේ නමුත්, නිවසේ හිමිකරු සහ ඔහුගේ 14 හැවිරිදි දරුවා ගින්නෙන් දිවි ගලවාගෙන තිබෙනවා.