පොලිස් නිලධාරීන් 5 දෙනෙකු අනතුරට ලක්කළ මෝටර් රථ අනතුර

Tuesday, 26 July 2016 - 10:18

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ පිංඅරාව ප්‍රදේශයේ අද අලූයම සිදුවූ මෝටර් රථ අනතුරකදී එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බදුල්ල පොලීසියට අනුයුක්තව මෙම පොලිස් නිලධාරීන් පිරිස වැල්ලවාය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සදහන්.

මෝටර් රථය මාර්ගය අසළ ඇති කොස් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් අතර පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරුන් තුන්දෙනෙකු ද සිටින බව හිරු වාර්තාකරු කියා සිටියා.