ලංකාවේ ප්‍රථම වරට සිදුකල සුවිශේෂී සැත්කම මෙන්න

Tuesday, 26 July 2016 - 12:13

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
එකවර අවයව දෙකක් බද්ද කිරීමේ සුවිශේෂී ශල්‍ය ක්‍රමයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්  සිදුකර තිබෙනවා.

ඒ අග්නියාසය සහ වකුගඩු යන අවයව දෙක එකවර රෝගියෙකුට බද්ද කරමින්.

මෙසේ සැත්කම සිදුකර ඇත්තේ දියවැඩියාව රෝගයෙන් පෙළෙන රෝගියෙකුටයි.

එම වෛද්‍යවරු  විසින් සැත්කමට යොදාගෙන ඇත්තේ හදිසි අනතුරකින් මොලය අක්‍රියවී මියගිය පුද්ගලයෙකුගේ අවයව බවයි වාර්තාවෙන්නේ.

සැත්කම ඉතා සාර්ථක බවත් ශල්‍යකර්මයට භාජනය වූ රෝගියාගේ සෞඛ්‍ය  තත්ත්වය මේවනවිට යහපත් අතට පත්වෙමින්   තිබෙන බව සැත්කම සිදුකල වෛද්‍යවරුන් පවසනවා.