මුලින් දුෂණය කළ පුද්ගලයාගෙන් නැවත දුෂණය වී 14 හැවිරිදි දැරිය මරුට

Tuesday, 26 July 2016 - 13:55

%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+14+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මාස කිහිපයකට ඉහතදී පුද්ගලයෙකු අතින් දුෂණයට ලක් වූ 14 හැවිරිදි දැරියක් නැවත වරක් ඔහුගේ අතින්ම දුෂණයට ලක් වී මරණයට පත් වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

දිල්ලි හි පදිංචි එම දැරිය මීට මාස අටකට පෙර අදාල පුද්ගලයා විසින් දුෂණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්දව පවැත්වෙන නඩුව විභාග කිරීමට දින කිහිපයක් තිබියදී නැවත වතාවක් ඔහු මෙලෙස එම දැරිය පැහැරගෙන ගොස් දුෂණය කර තිබෙන බවයි ඇයගේ දෙමව්පියන් පවසන්නේ.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ අදාල පුද්ගලයා විසින් එම දැරියට ඇසිඩ් පානය කිරීමට බල කර ඇති බවයි

කෙසේ වෙතත් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත්තේ ශරීර අභ්‍යන්තර තුවාල හේතුවෙන් දැරිය මියගොස් ඇති බවයි.