වෛද්‍යවරුන්ගේ නොසැලකිලෙන් අලුත උපන් බිළිඳකු මියයයි

Tuesday, 26 July 2016 - 14:35

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රෝහලකදී විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් කුඩා බිළිඳකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම වායුව ආඝ්‍රහණය වු තවත් කුඩා බිළිඳකු අසාධ්‍ය තත්වයේ පසුවන බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

දෝශ සහිත වු ගෑස් නළයකින් මෙම වායුව කාන්දුවි ඇතැයි අනාවරණ වී තිබෙනවා.

වෛද්‍යවරුන් අදාළ දෝශය හඳුනාගෙන ඇත්තේ කුඩා බිළිඳා මරණයට පත්වීමෙන් පසුව බවයි හෙළිවන්නේ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම සිද්ධිය පිළිබඳ දැඩි කණගාටුවට පත්ව තිබෙනවා.

ඇය ප්‍රකාශකර ඇත්තේ මෙම ඛේදනීය අත්වැරදීම පිළිබඳ විමර්ශණයක් පවත්වන ලෙසට බලධාරීන්ට උපදෙස් දුන් බවයි.

එමෙන්ම මියගිය කුඩා බිළිඳාගේ පවුලේ සාමාජිකයන්ට ඇය සිය ශෝකය ද පළකර තිබෙනවා.

අමාත්‍යවයරිය ප්‍රකාශකර ඇත්තේ අදාළ ගෑස් නල ආරක්ෂිත බවට ඒවා නඩත්තු කරනු ලබන සමාගම් විසින් තහවුරු කර වාර්තා ලබාදී තිබු බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශණයක් පවත්වන බව ඇය අවධාරණය කර තිබෙනවා.

අදාළ සමාගම ද නිවේදනයක් නිකුත් කරමින් බිළිඳාගේ මරණය පිළිබඳ කණගාටුව පළකර තිබෙනවා.

මේ අතර බිළිඳා මරණයට පත්වීමේ  සිද්ධියෙන් බිළිඳාගේ මව දැඩි කම්පනයකට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා සඳහන් කලා.

මෙම සිද්ධියට සමගාමීව ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටයි නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරියට විපක්ෂය අවධාරණය කර ඇත්තේ.

කෙසේවෙතත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.