දේශීය සතුන් සුරැකීමට නවසීලන්තය ගත් අමුතුම අභියෝගය

Tuesday, 26 July 2016 - 15:30

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA
දේශීය වන සතුන් සුරැකීමේ අරමුණින් නවසීලන්තය නව අභියෝගයක් ජයග්‍රහණය කිරීමට සුදානම් වනවා.

ඒ ඉදිරි වසර 35 තුලදී කෘමීන් ඇතුලු කුඩා සතුන් ගොදුරු කරගන්නා ආවේණික නොවන විලෝපිකයන් නවසීලන්තයෙන් තුරන් කිරීමයි.

2050 වසර වන විට මෙවැනි සත්වයන් නවසීලන්තයෙන් තුරන් විය යුතු බවට අග්‍රාමාත්‍ය ජෝන් කී කල ප්‍රකාශයකට අනුවයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ.

මෙහිදී මීයන් සහ එවැනි කුඩා ආවේණික විලෝපිකයන් නවසීලන්තයෙන් තුරන් කෙරෙනු ඇති.

අග්‍රාමාත්‍ය ජෝන් කී ප්‍රකාශකර ඇත්තේ සෑම වසරකදීම නවසීලන්තයට ආවේණික පක්ෂීන් මිලියන 25 ක් පමණ සංචාරක සත්වයන් විසින් මරා දමන බවයි.

මෙම සත්වයන්ගෙන් දුරස්වීම සමස්ත ලෝකයේම අරමුණක් බවට පත් ඇතැයි ඔහු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම බළලුන් සම්බන්ධයෙන් ද නවසීලන්ත අගමැතිවරයාගේ අවධාණය යොමුව තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන්ගෙන් දේශීය සත්වයන්ට එතරම් බලපෑමක් නොමැති බවයි ජෝන් කී ප්‍රකාශකර ඇත්තේ.

මෙම වැඩපිළිවෙලට අමරිකානු ඩොලර් මිලියන 20 කට ආසන්න මුදලක් වැය කිරීමට ද අපේක්ෂිතයි.