කැළණි සරසවි සිසුන්ට ඇප

Tuesday, 26 July 2016 - 16:57

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
නවක වද සිද්ධියකට අදාළව දින 75 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් අටදෙනා අද ඇප මත නිදහස් කෙරුණා.

ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති එහිදී නියෝග කළේ එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමටයි.

සිසුන් පස්දෙනෙකු සහ සිසුවියන් තුන්දෙනෙකු ඒ අතර සිටිනවා.

ශිෂ්‍යාවකට නවක වදය ලබාදීමේ චෝදනාවක් මත ඔවුන් අත්අඩංගුවට ගැනුනේ පසුගිය අප්‍රේල් 13 වනදායි.