ආබාධිත සෙබළුන්ගේ උපවාසය අවසන්

Tuesday, 26 July 2016 - 18:06

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
තමන්ට හිමි විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික ආබාධිත ත්‍රිවිධ හමුදා සහ පොලිස්  නිලධාරීන් පිරිසක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද පස්වරුවේ අවසන් වුණා.

ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම්වරයා සහ අමාත්‍ය දුමින්ද දිසානායක එම ස්ථානයට පැමිණ මාස 3 ක් ඇතුළත ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන බව ප්‍රකාශ කිරීමත් සමඟයි.

ඊයේ දිනයේද විරෝධතාවක නිරතවුණු මෙම පිරිස ඊයේ පස්වරුවේ සිට පිටකොටුව -  ඕල්කට් මාවතේ එක් මංතීරුවක් අවහිර කරමින් උපවාසය ආරම්භ කළා.

පසුව ගැටළුවට ලිඛිත විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඔවුන් අද පෙරවරු 11 ට පමණ මාර්ගයෙන් ඉවත් වුවත්, යළි ටික වේලාවකට පසු උපවාසය ආරම්භ කළේ තමන්ට ලිඛිත විසඳුමක් නොලැබුණු බව පවසමින්.  

ඒ හේතුවෙන් කොළඹ - කොටුවේ රථවාහන ගමනාගමනයටද බාධා මතුවුණා.

උපවාසයේ නිරත පිරිස ආරක්ෂක සේවයේ වසර 12 කට අඩු සේවා කාලයක් සම්පුර්ණ කළ අයයි.

ඔවුන් තමන්ගේ කෘතිම පාද ගලවා මාර්ගය හරහා පෙළගසා තිබීමද විශේෂත්වයක්.