උසස් පෙළ ටියුෂන් සහ දේශන අද මැදියම් රැයේ සිට තහනම්

Wednesday, 27 July 2016 - 6:52

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
අද මධ්‍යම රාත්‍රී 12 සිට උසස් පෙළ විභාගය අවසන් වනතුරු ඊට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විභාගය අවසන් වන අගෝස්තු 27 වනදා දක්වා එය ක්‍රියාත්මකයි.

අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම, මෙන්ම එවැනි කටයුතුවලට අදාළ පෝස්ටර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද තහනම් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර සදහන් කළේ.

මෙම නියෝග කඩකරන අයෙකු වේ නම් ඒ පිළිබදව පොලිස් හදිසි ඇමතුම් අංශය, පොලිස් මූලස්ථානය මෙන්ම, විභාග දෙපාර්තමේන්තුව ද දැනුම්වත් කළ හැකි බව ඔහු කියා සිටියා.