ගීතාගේ පුරවැසිභාවය යළි කරළියට

Wednesday, 27 July 2016 - 6:55

%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහගේ  මන්ත්‍රී ධුරයට එරෙහි රීට්  පෙත්සම අභියාචනාධිකරණයේදී ඊයේ විභාගයට ගැනුනා.

ඒ, එහි සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

එහිදී පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ මන්ත්‍රීවරියගේ ධුරය අහිමිකරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

ඇය මෙතෙක් තම ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගත් බවට සනාථ කරන කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කර නැතැයි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නොහැකි බැවින් ඊට අදාළ නියෝගයක් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

කරුණු සළකා බැලූ  අභියාචනාධිකරණය වැඩිදුර නඩු විභාගය ඔක්තෝම්බර් 24 වනදාට කල් තැබුවා.