පිටබැද්දර සමූහ දූෂණයකට 7ක් අත්අඩංගුවට

Wednesday, 27 July 2016 - 7:17

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අකුරැස්ස  - පිටබැද්දර - දෑරංගල ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනෙකු ලබන මස අටවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, මොරවක මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 10 වනදා  මෙම දැරියගේ මව ඇය අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිලි කර තිබුණා.

අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වුණේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අකුරැස්ස, මාතර, නෙළුව සහ නිට්ටඹුව ප්‍රදේශයන්හිදී වරින්වර මෙම දැරිය අපයෝජනය කර ඇති බවයි.

තාක්ෂණික තොරතුරු මත පරීක්ෂණ ක්‍රියාත්මක කළ පොලීසිය ලැගුම්හල් භාරකරුවෙකු ඇතුලු අදාළ සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.