සරසවි අනධ්‍යන සේවකයන් වර්ජනයක්

Wednesday, 27 July 2016 - 7:43

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92++%E0%B6%85%E0%B6%B1%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට දිවයින පුරා විශ්වවිද්‍යාල රැසක දෛනික කටයුතු අඩාල වී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විශ්වවිද්‍යාල කිහිපයක උපකුලපතිවරුන් සදහන් කළේ වර්ජනය හේතුවෙන් අධ්‍යයන කටයුතු සියල්ල ඇණ හිට ඇති බවයි.

එසේම, පුස්තකාල සේවා මෙන්ම, තවත් ක්ෂේත්‍ර ගණනාවක කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇති බව ඔවුන් සදහන් කළා.

පේරාදෙණිය, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු විශ්වවිද්‍යාල රැසක මෙම තත්ත්වය වාර්තා වනවා.

විභාග කටයුතුවලට බාධාවක් නොවන අයුරින් අනධ්‍යයන සේවකයන් කටයුතු කරන බවයි උපකුලපතිවරුන් ප්‍රකාශ කළේ.

ඇතැම් විශ්වවිද්‍යාලවල කාර්යාල විවෘත කර ගැනීමට පවා නොහැකිවී තිබුණේ අනධ්‍යයන සේවකයන් නොපැමිණීම හේතුවෙන්.

අද පෙරවරු 8 සිට විශ්වවිද්‍යාලවල අන්‍යධයන සේවකයන් මෙම අඛන්ඩ වර්ජනය ආරම්භ කළේ ඉල්ලීම් 7ක් මුල් කරගෙනයි.

මාසික දීමනා, සුභසාධක දීමනා මෙන්ම භාෂා ප්‍රවීනතා දීමනා වැඩි කර ගැනීම ඇතුළු ඉල්ලීම් ඊට ඇතුළත්.

දිවයින පුරා විශ්වවිද්‍යාල 15ක සහ අනුබද්ධ ආයතන රැසක වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ්  මල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.