කිලිනොච්චියේ අනතුරකින් පාපැදිකරුවෙකු මරුට

Wednesday, 27 July 2016 - 9:34

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කිලිනොච්චිය පරන්තන් මන්සන්ධිය අසලදී  මාර්ගයේ ගමන්ගත් පාපැදිකරුවෙකු මෝටර්රථයක ගැටීමෙන් මියගොස් තිබෙනවා.

පුත්තලම් සිට යාපනය දක්වා ගමන්ගත් මෝටර් රථයකට මෙසේ පාපැදියකින් ගමන්ගත් වයස්ගත පුද්ගලයෙකු ගැටී ඇති අතර එහිදී බරපතල තුවාල
ලැබූ පාපැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි මිය ගොස් ඇත්තේ.

මෙසේ අනතුරට ලක්වූයේ පරන්තන්හි පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුරට හේතුව වශයෙන් මෝටර් රථයේ රියදුරුට නින්ද යාම බවට සැක පල කරන අතර අනතුරින් පසුව මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන්  කිලිනොච්චිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ සිදුකරනවා