I.S ත්‍රස්ත ප්‍රධානියකු මරුට

Wednesday, 27 July 2016 - 12:40

I.S+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් නගරයේදී එරට ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර වලින් I.S ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයෙකු මියගොස් තිබෙනවා. 

විදෙස් වාර්තා සඳහන් කළේ සාඞ් එමරාඞ් ලෙස හැදින්වෙන මොහු I.S.සංවිධානය පිහිටුවීමේදී මූලිකව කටයුතු කළ අයෙකු බවයි. 

එමෙන්ම මොහු ආරක්ෂක අංශ සඳහා අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවටද සැලකෙනවා. 

ඇෆ්ගන් ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් මෙම I.S. ප්‍රධානියා ඇතුළු සටන්කාමීන් 120 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. 

I.S. සටන්කාමීන් පසුගියදා කාබුල් නගරයට එල්ල කළ ප්‍රහාරයෙන් 80 දෙනෙකු මියයාමේ සිද්ධියෙන් පසුවයි ඇෆ්ගන් ආරක්ෂක අංශ මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ.