බදුල්ලේදී ත්‍රිරෝද රථයක් තාප්පයක ගැටී දෙදෙනෙකුට තුවාල

Wednesday, 27 July 2016 - 13:27

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
බදුල්ල - බදුලුපිටියේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අද අළුයම සිදුවූ අනතුරකින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරෙන් මෙලෙස තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරා සහ එහි ගමන් කළ අයෙක්.

මෙම අනතුරෙන් නිවසේ තාප්පය මුළුමනින්ම විනාශ වී ඇති අතර, ත්‍රිරෝද රථයට ද අලාභ හානි සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.