දැවැන්ත පිපිරීමකින් සිරියාව සෙලවෙයි

Wednesday, 27 July 2016 - 16:25

%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඊසානදිග සිරියාවේ කුර්දි පාලන ප්‍රදේශයක බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම බෝම්බ පිපිරීමෙන් පුද්ගලයන් 44 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

කුර්දි හමුදා මුලස්ථානයකට පැමිණි පුපුරන ද්‍රව්‍ය රැගත් ලොරියක් මෙම පිපිරවීම සිදුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

අයි එස් සංවිධානය ප්‍රකාශකර ඇත්තේ තමන් මෙම ප්‍රහාරය පිටුපස සිටින බවයි.

තුර්කි දේශසීමාව ආසන්න ප්‍රදේශයක සිදුව ඇති මෙම පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යාහැකි බව සිරියානු බලධාරීන් ප්‍රකාශකර තිබෙනවා.