කුමන බාධා පැමිණියත් ගැටඹේ පන්සල අසළින් පාද යාත්‍රාවේ ගමන් ආරම්භ කරනවා

Thursday, 28 July 2016 - 7:12

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%B9%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD+%E0%B6%85%E0%B7%83%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
කුමන බාධා පැමිණියද ගැටඹේ පන්සල අසළින් අද දිනයේදී පාද යාත්‍රාව ගමන් ආරම්භ කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ දළදා සමිදුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

මහනුවර දළදා මාලිගාවට පැමිණි හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පළමුව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

හිටපු ජනපතිවරයා දළදා සමිදුන් වැද පුදා ගත්තේ ඉන් අනතුරුවයි.