සමූල ඝාතන චෝදනා එල්ලවූ හිටපු හමුදා සෙබළුන්ට නිදහස (ඡායාරූප)

Thursday, 28 July 2016 - 7:58

%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මීට වසර විස්සකට පෙර ත්‍රිකුණාමලය කුමාරපුරම් ප්‍රදේශයේදී දෙමළ ජාතිකයන් 24 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ හිටපු යුද හමුදා කෝප්‍රල්වරු හයදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අනුරාධපුර මහාධිකරණය නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදියි.

විත්තිකරුවන්ට වෙන් වෙන්ව නගා තිබූ චෝදනා 101ටම නිවැරදිකරුවන් බවටයි එහිදී අධිකරණය තීරණය කළේ.

අදාළ හමුදා නිලධාරීන් ත්‍රිකුණාමලය - දෙහිවත්ත යුද හමුදා කඳවුරේ සක්‍රීය හමුදා සේවයේ යෙදී සිටින අතරතුර සිය රාජකාරි ගිනි අවි යොදාගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි චෝදනා එල්ලවුණේ.



ඡායාරූප - (ඉන්දික රංජීව)