Update : අනධ්‍යයන මාසික දීමනාව මදිවෙයි - විශ්වවිද්‍යාල වැසේ

Thursday, 28 July 2016 - 8:05

Update+%3A+%E0%B6%85%E0%B6%B1%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
මාසික හිලව් දීමනාව සහ විධිමත් විශ්‍රාම වැටුපක් ලබාගැනීම ඇතුලු ඉල්ලීම් හතක් මුල් කරගෙන විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් අදත් දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අඩාල වුණා.

වර්ජනය ක්‍රියාත්මක වන්නේ දෙවන දිනටයි.

වර්ජනය හේතුවෙන් ඊයේ දිනය තුළද විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකිරිමට නොහැකිවූ අතර, පුස්තකාල සේවා සහ පරිපාලන සේවා රැසක්ද බිඳ වැටුණා.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ගැටළුවලට විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.

මෙම වර්ජනය හේතුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.  

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේද අධ්‍යයන කටයුතු සිදු නොවන බවයි එහි උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඞී.සී. දිසානායකගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ සරසවි අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය දැනුම්වත් කර ඇති බවයි.


Update : Thursday, July 28, 2016 : 12.35
...........................................................

මාසික හිලව් දීමනාව සහ විධිමත් විශ්‍රාම වැටුපක් ලබාදීම ඇතුලු ඉල්ලීම් හතක් මුල් කරගෙන විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිය ගැටළුවලට විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.

විශ්වවිද්‍යාලවල අන්‍යධයන සේවකයන් මෙම වර්ජනය ආරම්භ කළේ ඊයේ පෙරවරු 8 සිටයි.

වර්ජනය හේතුවෙන් දිවයින පුරා විශ්වවිද්‍යාල 15ක සහ අනුබද්ධ ආයතන රැසක අධ්‍යයන කටයුතු අඩාල වී තිබෙනවා.

මෙම වර්ජනය හේතුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කළ බව වැඩබලන උපකුලපති ආචාර්ය මනෝජ් ආරියරත්න පවසනවා.