අලියෙකු පහරදී 09 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට - ගමක් රත් වෙයි

Thursday, 28 July 2016 - 9:11

%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+09+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තණමල්විල - ආනන්දපුර ප්‍රදේශයේදී වන අලි පහර දීමකින් 09 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වුණා.

දැරියගේ මණයත් සමග ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ට විරෝධය පළ කරමින් කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අවරහිර කර විරෝධතාවක ද නිරත වුණා.

බලහරුව මහා විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හෂිනි ෂෙහාරා පවුලේ එකම දරුවායි.

වන අලි ප්‍රහාරයෙන් සිය මිනිබිරිය මියයන විට මුත්තණුවන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කෙරෙනවා.

දැරියගේ හදිසි මරණය මවට දරාගැනීමට ද හැකිවූයේ නැහැ.

ඇයද මේ වන විට පසුවන්නේ රෝහල් ගතවයි.

තණමල්විල - ආනන්දපුර ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම වසර ගණනාවකට දිව යනවා.

ප්‍රකෝප වූ ප්‍රදේවාසීන් දැරියගේ මෘත දේහය එම ස්ථානයෙන් රැගෙන යාමට පොලීසියට ඉඩ දුන්නේ නැහැ.