තුර්කි කුමන්ත්‍රණයට සහය දුන් මාධ්‍ය ආයතන 79 ක් තහනම්

Thursday, 28 July 2016 - 9:11

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+79+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
හමුදා කුමන්ත්‍රණයට සහය දුන් බවට චෝදනා කරමින් එරට මාධ්‍ය ආයතන 79 ක් වසා දැමීමට තුර්කි රජය නියෝග කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පුවත්පත් ආයතන 45 ක්, රූපවාහිනී ආයතන 15 ක්, සඟරා 15 ක් සහ පුවත් නියෝජිත ආයතන 3 ක් මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර පසුගිය ජූලි 15 වනදා සිදු වූ මෙම අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට සහය දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයන් 1700 ක් නිදහස් කර  ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ජෙනරාල් නිලයන් සහ අද්මිරාල් නිල දැරූ හමුදා නිලධාරීන් 149 දෙනෙකුද නිදහස් කර තිබෙනවා.