පාද යාත්‍රාවට ඇවිත් නාමල් කියපු කතාව

Thursday, 28 July 2016 - 9:58

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන සටන පාද යාත්‍රාව පේරාදෙණිය පාලම අසල මංසන්ධියෙන් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

ඒ, මහනුවර නගරයෙන් බැහැරව පා ගමන ආරම්භ කරන ලෙසට ලැබුණු අධිකරණ නියෝගයට අනුවයි.

මීට පෙර එය ගැටඹේ විහාරස්ථානය අසලින් ආරම්භ කිරීමට නියමිතව තිබුණත් විහාරස්ථානය අවට ප්‍රදේශයද මහනුවර නාගරික බල සීමාවට අයිතිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ.

ගැටඹේ විහාරස්ථානයට රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු පා ගමන ආරම්භ කරන ස්ථානයට මේ වනවිට පැමිණ ඇති බව එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියා.

පාද යාත්‍රාව සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.