බෙහෙත් ගන්න ඇවිත් වෛද්‍යවරයාට කරපු දේ

Thursday, 28 July 2016 - 10:52

%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A
හම්බන්තොට,රන්න ප්‍රදේශයේදී වෛද්‍යවරයෙකුගේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් කොල්ල කෑ පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් පැමිණ ඇති මෙම පුද්ගලයින් තිදෙනා ප්‍රතිකාර කිරීමට සූදානම් වූ අවස්ථාවේදී වෛද්‍යවරයාට තර්ජනය කර මුදල් සහ රන් භාණ්ඩ පැහැරගෙන ගොස් තිබෙනවා

හුංගම පොලීසිය සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුවයි  සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීට පෙරද අපරාධ රැසකට  සම්බන්ධ වී බන්ධනාගාර ගතව සිට ඇති බවයි  පොලීසිය පැවසුවේ.

සැකකරුවන් අද(28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.