ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා දේශපාලනයට ලඝු කරන්න එපා - අගමැති කියයි

Thursday, 28 July 2016 - 12:45

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9D%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දු - ශ්‍රී ලංකා සබදතා දේශපාලනයට පමණක් සීමා නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඉන්දියානු ආධාර මත ක්‍රියාත්මක වන හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවාව ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට කොළඹ ගාලු මුවදොර පිටියේදී අද එක්වෙමින්.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ.සිංහා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

එහිදී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ වසරක් තුළ රටට පෙන්වන බවයි.

හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවාව ප්‍රථම අදියර යටතේ බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අතර, එය ගාස්තු රහිත සේවාවක් වනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ලබාදෙන අංග සම්පූර්ණ පූර්ව සත්කාරක ගිලන් රථ සේවාවක් ලෙස ද මෙය හඳුන්වාදිය හැකියි.

මේ සදහා ඉන්දියාවෙන් ලබාදුන් ගිලන් රථ 88 ක්, ජනතා අයිතියට පත් කිරීමද අද සිදුවුණා.

මෙම සේවාව සැපයීම සදහා ඉන්දියාවේ පුහුණුව ලැබූ වෛද්‍ය කාර්මික ශිල්පීන් 250 ක් ඇතුළු 500 කට අධික පිරිසක් එක්වනු ඇති.

පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාව ලබා ගැනීම සදහා 1990 විශේෂ දුරකථන අංකය ඇමතිය හැකි අතර, පුළුල් සේවාවක් සැපයීම සදහා රජය මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙහිදී චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ උත්සව සභාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඒකීය සංවර්ධනයක් කරා ගමන් කරනු දැකීම ඉන්දියාවේ බලාපොරොත්තුව බවයි.