අතුරුදන්වු MH 370 ගැන අලුත් තොරතුරක්

Thursday, 28 July 2016 - 12:47

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%94+MH++370+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
අතුරුදන්වු MH  370 මැලේසියා ගුවන්යානයේ සුන්බුන් මේවන විට නිරීක්ෂණයට ලක්වන ප්‍රදේශයට වඩා කිලෝමීටර් 500 ක් පමණ දුරින් ඇතැයි සැක කරන බව ඉතාලි විද්‍යාඥයන් පිරිසක් පවසනවා.

කාලගුණික දත්ත මෙන්ම හමුවු සුන්බුන් කොටස් මත සිදුකල පරීක්ෂණ මත මෙම කරුණ ප්‍රකාශකල බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

මෙම තොරතුරු අනුව අදාළ යානය කුමන ස්ථානයකදී මුහුදට කඩා වැටුනේ ද යන්න හෙළිකර ගත හැකිවනු ඇති බව ද ඉතාලි විද්‍යාඥයන් ප්‍රකාශකර තිබෙනවා.

එමෙන්ම අනාගතයේදී ද ගුවන්යානයක් කඩා වැටුනහොත් එම ප්‍රදේශය අනාවරණ කර ගැනීමට මෙමගින් හැකිවනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

MH 370 යානයේ සුන්බුන් සොයා කරන මෙහෙයුම් නුදුරේදීම අත්හිටුවීමට ද නියමිතයි.

2014 මාර්තු මාසයේදී මැලේසියාවේ සිට චීනයේ බෙයිජිං නුවර දක්වා ගමන් කරමින් සිටියදී මෙම යානය අතුරුදන්වුනේ කාර්ය මණ්ඩලය ද ඇතුලුව 239 දෙනෙකු සමගයි.

එය සොයා මේවන විට මුහුදේ වර්ග කිලෝමීටර් එක්ලක්ෂ විසිදහසක පමණ විමර්ශණ සිදුකර තිබෙනවා.