නාමල් රාජපක්ෂට තවත් නඩුවක්

Thursday, 28 July 2016 - 13:08

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මුදල් විශුද්ධිකරණ පණත යටතේ වරදක් සිදු කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 06 දෙනෙකුට වෙන වෙනම නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය අද අධිකරණයට දැනුම් දුන්නා.

නාමල් රාජපක්ෂට අයත් බව කියන ගවර්ස් කෝපරේෂන් ආයතනය, හෙලෝ කෝප් නමැති ආයතනයේ රුපියල් මිලයන 125ක් කොටස් සැකකටයුතු ලෙස මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුව අද පෙරවරුවේ කොටුව අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පිරීස් හමුවේ කැදවනු ලැබුවා.

මේ පිළිබඳව පැමිණිල්ල මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත ඉදිරිපත් කර තිබුණේ දුෂණ විරෝධී පෙරමුණේ සාමාජික වසන්ත සමරසිංහ විසින්.

ඒ අනුව අද නඩුව කැදවූ අවස්ථාවේදී මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී සිටියේ රුපියල් මිලියන 15ක සහ මිලියන 30ක ගණුදෙනු දෙකක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුලූ 06 දෙනා සැකකරුවන් ලෙස නම් කරන ලෙසයි.

මේ අතර මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස ප්‍රකාශ කළ දැනට විදේශගතව සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැති පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී වරෙන්තු නිකුත් කළා.

මෙම නඩුව සැප්තැම්බර් මස 01 වැනිදා යලි කැදවනු ඇති.