හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරා රැගෙන යනවා - ජනපති බැරැක් ඔබාමා කියයි

Thursday, 28 July 2016 - 15:09

%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරා රැගෙන යාමට තමන් නොපසුබට නොවන බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා.

පිලඩෙල්ෆියාහි පැවැත්වෙන ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනයට එක්වෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ධවල මන්දිරයට සුදුසුම සහ අත්දැකීම් බහුලම පුද්ගලයා වන්නේ හිලරි ක්ලින්ටන් බවයි.

කෙසේ වුවත් ට්විටර් පණිවුඩයක් හරහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් පවසන්නේ ඇමරිකාව මේ වනවිට ශ්‍රේෂ්ඨ රටක් ලෙස හැදින්විය නොහැකි බවයි.

ඇමරිකානුවන් දුප්පත්කම, අපරාධ සහ අපේක්ෂා භංගත්වයෙන් පීඩා විඳින බවයි ඔහු සදහන් කර ඇත්තේ.