පාද යාත්‍රාවේ පැමිණි පිරිසක් ගිලන් රථයකට පහරදෙයි

Thursday, 28 July 2016 - 15:47

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කර ඇති පාද යාත්‍රාව ගැටඹේ සිට මේවන විට කොළඹ දක්වා පැමිණෙමින් සිටිනවා.

එහිදී පාද යාත්‍රාවට එක්ව සිටි පිරිසක් මාර්ගයේ ගමන් කල ගිලන් රථයකට ද පහරදීමට උත්සාහ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

කෙසේවෙතත් පසුව පොලිසිය පැමිණ සිද්ධිය සමතයකට පත්කර තිබෙනවා.

මේ අතර පොලිසිය සඳහන් කලේ මෙම පහරදීමෙන් මහනුවර පෞද්ගලික රෝහලකට අයත් ගිලන් රථයකට අලාභ හානි සිදුව ඇති බවයි.

පාද යාත්‍රාවට සහභාගී වු කණ්ඩායමක් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගැටඹේ විහාරස්ථානය අසල රැස්ව සිටි අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇතැයි සඳහන්.

පොලිසිය සඳහන් කලේ පේරාදෙණිය රෝහලට රෝගියකු රැගෙන යාමට ගමන් ගත් ගිලන් රථය රම පිරිස අතරින් ධාවනය කිරීමේදී කලහකාරී පිරිස විසින් ඊට පහරදී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා යටතේ ආරම්භ කර ඇති අතර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඉදිරි විමර්ශණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කලේ.