රෝග වැළැක්වීමේ සේවා ශක්තිමත් කළ යුතුයි - ජනපති

Thursday, 28 July 2016 - 18:19

%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
නිරෝගී ජනතාවක් බිහිකිරීමේ කාර්යයේදී රෝග වැළැක්වීමේ සේවා වඩාත් ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මහා සභා රැස්වීමට කඩවතදී අද (28) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

මේ අතර, දිවයිනට පැමිණ සිටින කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩිඔන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (28) උදෑසන ජනාධිපති නිල නිවසේදී මුණ ගැසුණා.

එහිදී කැනඩා විදේශ අමාත්‍යවරයා සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රඥාවන්ත නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව සහ සංවර්ධනයට ගනු ලබන පියවර උදෙසා කැනඩා රජයේ පූර්ණ සහාය ලබාදෙන බවයි.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ සුභ පැතුම් මෙහිදී ජනාධිපතිවරයාට පිළිගැන්වූ විදේශ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අවස්ථා කිහිපයකදී සිදුකෙරුණු හරවත් සාකච්ඡා පිළිබදව ද කැනඩා අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන් සිහිපත් කළ බව කියා සිටියා.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකරන බවයි කැනඩා විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ.