පාද යාත්‍රා අද උතුවන්කන්දෙන් ගමන් අරඹයි

Friday, 29 July 2016 - 7:07

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළ ජන සටන පාද යාත්‍රාවේ දෙවන දිනය අදයි.

පළමු දිනය වූ ඊයේ (28) පාද යාත්‍රාව අවසන් කෙරුණේ මාවනැල්ල - ගනේතැන්න ප්‍රදේශයෙන්.

ලබන අගෝස්තු මස පළමු වනදා කොළඹට ළඟාවීමට නියමිත පාද යාත්‍රාව ඊයේ පේරාදෙණියෙන් ගමන් ආරම්භ කළා.

කෙසේ වෙතත්, ජන සටන පාද යාත්‍රාව මාවනැල්ල නගරයෙන් අවසන් කිරීමට මුලින් තීරණය කර තිබුණද, පොලිසිය ලබාගෙන තිබූ අධිකරණ නියෝග හේතුවෙන් එය ගනේතැන්න නගරයෙන් ඊයේ අවසන් කෙරුණා.

ඒ අනුව අද පාද යාත්‍රාව මාවනැල්ල - උතුවන්කන්ද ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිත බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළේ.