ඉන්දුනීසියාව මත්ද්‍රව්‍ය චූදිතයන් 4 දෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කරයි

Friday, 29 July 2016 - 8:01

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A0%E0%B7%96%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
විදේශිකයන් 3 දෙනෙකු ඇතුළු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ 4 දෙනෙකුට ඉන්දුනීසියාව ඊයේ මරණ දඩුවම ක්‍රියාත්මක කළා.

වෙඩි තැබීමෙන් ඔවුන්ට මෙලෙස මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇති අතර එම පියවර ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඇතුළු මානව හිමිකම් සංවිධානවල විවේචනයට ලක්වී තිබෙනවා.

පාකිස්ථාන, ඉන්දීය, සිම්බාබ්වේ ජාතිකයන් ඇතුලූ තවත් 10 දෙනෙකුට ඉදිරියේදී මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවයි ඉන්දුනීසියානු බලධාරින් ප්‍රකාශ කළේ.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ 2014 වසරේ බලයට පැමිණීමෙන් පසු මත්ද්‍රව්‍ය වැරදිකරුවන් 18 දෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කළ අතර, ඉන් බහුතරයක් විදේශිකයන්.