ෆේස්බුක් අපේක්ෂා නොකල දෙයක් සිදුවෙයි

Friday, 29 July 2016 - 9:06

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BD+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සුප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් වෙබ් අඩවිය පසුගිය කාර්තුවේදී අපේක්ෂිත වු ආදායමට වඩා වැඩි මුදලක් උපයාගෙන තිබෙනවා.

එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා සියයට 186 ක වර්ධනයක් බවයි සමාගම් බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.

අප්‍රේල් සිට ජුනි දක්වා වු කාලය තුල ෆේස් බුක් සමාගම උපයාගෙන ඇති මුදල ඩොලර් බිලියන 2 කට අධිකයි.

එය 2015 වසරේ අදාළ කාලයට වඩා ඩොලර් මිලියන 719 ක ඉහළ යාමක් බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මෙම ප්‍රගතිය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශකර ඇත්තේ සජීවී වීඩියෝ පහසුකම ඇතුලු කරුණු හේතුවෙන් මෙම වාර්තාගත ආදායම ලැබී ඇති බවයි.

මේවන විට සියලු සේවා සඳහා වීඩියෝ තාක්ෂණය බහුලව යොදා ගැනීම හමුවේ මෙම ප්‍රගතිය අත්වු බව ද ඔහු සඳහන් කර තිබෙනවා.